Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2019 22:23:01 Hours

මාලදිවයින් ආරක්‍ෂක උපදේශකට උණුසුම් සුභපැතුම්

නික්මයන මාලදිවයින් ආරක්‍ෂක උපදේශක කර්නල් අහමඩ් ගියාස් (Colonel Ahmed Ghiyas) පසුගිය සිකුරාදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුවේදී, ආරක්‍ෂක උපදේශකතුමන් සිය මතකයන් සිහිපත් කල අතර යුද්ධ හමුදාව දැක්වූ සුහදත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පල කර සිටියහ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නික්මය මාලදිවයින ආරක්‍ෂක උපදේශකතුමන්ගේ ශ්‍රී ලංකා ධූර කාලය ඇගයුමට ලක් කරමින් සමරුතිළිණයක් පිරීනැමීය. එමෙන්ම, නික්මයන ආරක්‍ෂක උපදේශකතුමන් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරුතිළිණයක් ප්‍රදානය කළහ.buy footwear | Marki