03rd April 2019 20:28:15 Hours
අවෙයිදිපුරම් වෙලන්කන්නි රෝමානු කතෝලික දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දේවස්ථාන පරිශ්‍රය කුණු කසල ඉවත් කර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සිය සහයෝගය ලබාදෙන ලදී.
මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 32 කට අධික පිරිසක් සිය දායකත්වය ලබාදුන්හ.
කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්ෂණය යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය දියත් කරන ලදි. Adidas footwear | Nike Running