Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2019 23:28:18 Hours

උසස් ප්‍රමිතියකට අනුව නවතමයෙන් ඉදිකරන ලද කාලතුවක්කු රෙජිමේන්තුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කෙරේ

පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී කෙටි කාලයක් තුල නවතමයෙන් ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ‌‍ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‌කෙටි උත්සවයකින් විවෘත කරන ලද අතර එහිදි සුහද ක්‍රිකට් තරඟයක් ද පැවැත්විණි.

තණ තීරු 4 කින් සමන්විත නව ක්‍රිකට් ක්‍රීඩාංගණය බාහිර ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ට පළමුවන පන්තියේ තරඟ සහ ජාතික මට්ටමේ තරඟ සඳහා ද භාවිතා හැකි අතර ජාතික මට්ටමේ තරඟාවලි මෙන්ම ජාත්‍යන්තර තරඟාවලි පැවැත්වීම සඳහා ද නව ක්‍රිකට් ක්‍රීඩාංගණය යෝග්‍යවනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අනතුරුව පළමු විස්සයි විස්ස තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව ජාතික ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩකයින් අතර පැවැත්විණි.

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ සාමාරම්භක උත්සවය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා, ශ්‍රී ලංකා පළමු ‌ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය,  ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ආරාධිතයින් සහ ක්‍රිකට්ලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ.  

මෙම අවස්ථාව සඳහා ජාතික ක්‍රීඩකයන් ලෙස කිත්රුවන් විතානගේ,  සමන් ජයන්ත, ෆර්වීස් මහාරුෆ්, නුවන් කුලසේකර, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සජීව වීරකෝන්, තිළිණ තුෂාර, චාමර කපුගෙදර, සචිත්‍ර සේනානායක, කෞෂාල් සිල්වා සහ මාලින්ද වර්ණපුර සහභාගි වූහ. jordan release date | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ