Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2019 06:12:43 Hours

12 වන සේනාංක මුලස්ථානය සිය 8 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංක මුලස්ථානයේ 8 වන සංවත්සරය නිමිති කොටගෙන ආශිර්වාද එක්කිරිමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පිංකමක් පසුගිය අඟහරුවාදා (2) දින පැවැත්විණි.

සංවත්සර දිනයේදී සේනාංක මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක වෙත හමුදා සම්ප්‍රදානුකූල කඳවුර සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිය. අනතුරුව, සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර මුලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකිර්ණය විවෘත කළහ. තවද සේනාංකාධිපතිතුමන් සියළුනිළ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වු අතර සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රසංගයකින් අනතුරුව සංවත්සර උත්සව මාළාව නිමාවට පත්විය.

දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නව නේවාසික ගොඩනැගිලි සංකීර්ණය 12 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු සෙසුනිළයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලදි. Adidas footwear | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp