Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2019 23:59:45 Hours

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටිනා නිලධාරීන් හා සෙසුනිලයින් නීත්‍යානුකූලව යුද්ධ හමුදාවෙන් ඉවත්කිරිම

(මාධ්‍ය නිවේදනය)

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත සේවය මඟහැර සිටින යුද්ධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව අස්වීම් ලබාගැනීම සඳහා පොදු සමා කාලයක් 2019 අප්‍රේල් මස 22 සිට මැයි මස 10 දක්වා ප්‍රකාශයට පත්කර ඇත. මෙම පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවය අතහැර ගොස් සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් අංශ හතරකට යටත්ව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු පිළියෙල කර ඇත.

වසරේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කරන මෙම පොදු සමා කාලය යටතේ 2019 අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා දින 21ට වැඩි කාල සීමාවක් නිවාඩු නොමැතිව සිටින නිලධාරීන් හා අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා මාස 6 ක් හෝ දින 180 කට වැඩි කාලසීමාවක් නිවාඩු නොමැතිව සිටින සෙසු නිලයින් හට එම අවස්ථාව ලබාගත හැක. තවද, නිවාඩු නොමැතිව මාස 6 කට වැඩි කාලසීමාවක් නොපැමිණ සිටින එහෙත් තවදුරටත් යුද්ධ හමුදා සේවයේ නැවත නිරතවීමට කැමති පුද්ගලයින් හට මෙමගින් යුද්ධ හමුදාවට නැවත එක්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

එලෙස සේවයෙන් බැහැරව සිටින අයවළුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් සලකා පහත සඳහන් අංශ හතරට යටත්ව ඔවුන් හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් කරනු ලැබේ.

වර්ග කිරිම් අංක - I

යුද්ධ හමුදාව වෙත කිසිදු මුදලක් ගෙවීමට නොමැති සහ ඉවත් කිරීම සඳහා නීතිමය බාධාවක් නොමැති අයවළුන් යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන අතර, යුද්ධ හමුදා ආකෘති පත්‍ර උපකරණ 1 (යු.ආ.උ 01) මත නිකුත් කර ඇති බඩු බාහිරාදිය නොසලකා හැරීමේ පදනම මත හා යුද්ධ හමුදාවට අදාළ නොවන සිවිල් උසාවි නඩු සහ සුළු වැරදි නොසලකා හැරේ.

වර්ග කිරිම් අංක - II

නීතිමය බාධාවක් නොමැතිව යුද්ධ හමුදාව වෙත යම් මුදලක් අයවීමට ඇති නම් එම මුදල් අනිවාර්යයෙන් අයකර ගන්නා අතර, යුද්ධ හමුදා යහසාධක අරමුදල සහ සුවසහන වෛද්‍ය යෝජනා ක්‍රමයේ ඉතිරිව ඇති මුදලින් එම අයකිරීම සිදුකර ඉවත් කිරීමට හැකියාවක් ඇති නම් එලෙස ඉවත් කිරිමට කටයුතු කරනු ලබයි.

වර්ග කිරිම් අංක - III

නීතිමය චෝදනා නොමැති ඒකක අනිවාර්‍ය ඉතිරිකිරීම්, යහසාධක අරමුදල සහ සුවසහන අරමුදලින් හෝ වෙනත් ඉතිරිකිරීමේ මුදලකින් යුද්ධ හමුදාවට හෝ රජයට ගෙවිය යුතු මුදල්, ඇප බැඳුම්කර ඇතුළුව පියවා ගැනීමට හෝ එම මුදල් ගෙවීමට අපොහොසත් වේ නම් ඇපකරුවන්ගෙන් හෝ ළගම ඥාතීන්ගෙන් එම මුදල් අය කර යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබයි.

වර්ග කිරිම් අංක - IV

නීතිමය ගැටළු ඇති හා විනය කඩකිරිම්වලට ලක්ව වංචා දූෂණ අක්‍රමිකතා මෙන්ම සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ අයවළුන් හට පවතින නීතිමය ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියා කර යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරයි.

ඒ හා සමානව නිවාඩු නොමැතිව සිටින පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා ආකෘති පත්‍ර උපකරණ 1 (යු.ආ.උ 01) මත නිකුත් කර ඇති සියලුම බඩු බාහිරාදිය නොසලකා හරින අතර, යුද්ධ හමුදාවට අදාළ නොවන සිවිල් උසාවි නඩු සහ සුළු වැරදි නොසලකා හැරේ. ඒ අනුව සඳහන් කර ඇති පරිදි යුද්ධ හමුදාවෙන් ඉවත්වීමට අපේක්ෂා කරන සියලු අයවළුන් සඳහා එම කිසිදු කරුණක් සැලකිල්ලට නොගැනේ.

එමෙන්ම සේවා කාලය තුළ මාස 6 කට වැඩි කාලයක් නොපැමිණි එහෙත් නැවත බැඳී රාජකාරී සිදුකිරීමට කැමති පුද්ගලයින්හට කැමැත්තෙන් සේවයට නැවත එක්වීමටද මෙම කාලය තුළ ඉඩ ප්‍රස්ථාව ඇත.

මෙම වැඩපිළිවෙල අනුව එකී පුද්ගලයින් ඔවුන්ගේ අදාල රෙජිමේන්තු මූලස්ථාන වලට පැමිණ හෝ දන්වා සෘජුව එම අස්වීම ලබාගත හැකි බවද නිවේදනය කෙරේ.

මෙම පොදු සමා කාලය තුළ ඉල්ලා අස්වීම ලබාගැනීමට කැමති පුද්ගලයින් ඔවුන්ගේ යුද්ධ හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත සහ ත්‍රස්තවාදී ප්‍රහාරවලදී සිදුව ඇති තුවාල වලට සම්බන්ධ ලිපි ලේඛන ආදිය ඇත්නම් ඒවාද රැගෙන එන ලෙස මෙයින් දන්වා සිටිනු ලැබේ. (නිමාව) Running sport media | Air Jordan Release Dates 2020