Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2019 23:28:13 Hours

යුද්ධ හමුදා නිලධාරීන් සඳහා පැවැත්වූ ‘Par Excellence’ පාඨමාලා අංක 4 සාර්ථකව නිමාවට

යුද්ධ හමුදා නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වූ නිලධාරී විශීෂ්ඨතා පාඨමාලා (OPEC) අංක 4 යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී සඳුදා (1) දින සාර්ථකව අවසන් විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව මෙම නව පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් සඳහා පවත්වන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 44 දෙනෙකු මෙම පාඨමාලාව හදාරනු ලැබීය.

මෙම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහභාගී විය. පාඨමාලාවේ දේශණ සඳහා සහභාගී වන දේශකයන් හට යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අවශ්‍ය සම්පත් දායකත්වය සලසන ලදි.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරධිතයින් සහ පාඨමාලාව හැදෑරුවන් සහභාගි වූහ. latest Running | NIKE RUNNING SALE