Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2019 12:12:43 Hours

මත්ස්‍ය වර්ගවල විවිධත්වය හා ගුණාත්මකභාවය පිළිබඳ තවත් යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනය සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් සපයනු ලබන මත්ස්‍ය වර්ග නිසි ප්‍රමිතියකින් යුතුද යන්න සහ ගබඩාකරණය පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, වන්නි අරක්‍ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 1107 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය මාර්තු මස 25 සහ 26 දිනයන්හි පවත්වන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන සහ තෙවන අදියරයන් ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හිදී වෘත්තිමය ආරාධිත දේශකයින් වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයෙහි පසු අස්වනු තාක්‍ෂණික අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජීවිකා ගනේගමආරච්චි මහත්මිය සහ එම ආයතනයේ සමුද්‍ර විද්‍යා පර්යේක්‍ෂණ අංශයේ විද්‍යාඥ මහේන්ද්‍ර ජයතිලක මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.

සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් දෙදිනක් පුරා පැවැත්වූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දී පරිභෝජනය සඳහා ගුණාත්මක මත්ස්‍ය වර්ග මිලදී ගැනීම සහ ගබඩාකර තැබීමේදී දැනගත යුතු කරුණු පිළිබඳ නිලධාරීන් 304 ක් සහ සෙසුනිලයින් 803 ක් දැනුවත් කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර මෙම වසර මුල්භාගයේ දී බටහිර සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හිදී සිදු කෙරිණි.Sports brands | nike