Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2019 08:12:43 Hours

ජාත්‍යන්තර අර්බුද සමුහයේ නියෝජිතයින් යාපනය සමාජ සංවර්ධනය පිළිබඳව දැනුවත් වෙයි

රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාත්‍යන්තර අර්බුධ සමුහයේ නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ චාරිකාවක නිරතවූ අතර එහිදි සමාජ සංවර්ධන සහ දරිද්‍රරතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් විය.

ජාත්‍යන්තර අර්බුද සමුහයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඇලන් කීනාන් මහතා (Mr Alan Keenan) සිය සංවිධානයේ නියෝජිතයින් සමඟ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න හමුවූ අතර එහිදි පැවති සුහද සාකච්ඡාවේදි මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදි. affiliate link trace | Nike News