Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2019 16:43:39 Hours

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගී වූ ඉන්දිය සෙබළුන් සංචාරයක

‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - VI’ සඳහා සහභාගී වන ඉන්දිය යුද්ධ හමුදා සෙබළුන් 120 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 120 ක් පසුගිය ඉරිදා (31) දින ශ්‍රී දළදා මාලිගාව, වික්ටෝරියා ජලාශය සහ ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කන්දේ සංචාරයක නිරත වූහ.

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - VI’ පසුගිය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම සංචාරයේ දී, යුද අභ්‍යාස අධ්‍යක්‍ෂවරයා සමඟ එක්ව විවිධ සංස්කෘතික විවිධත්වයක් එක්කරන ශ්‍රී ලංකාවේ දර්ශනීය සුන්දරත්වය භූක්ති විදීමට ද ඔවුන්ට හැකි විය. Sportswear Design | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov