Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2019 20:28:13 Hours

තවත් කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායමක් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී විසිරයයි

නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නව කමාන්ඩෝ සෙබළුන් 99 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 18 කට අධික අභියෝගාත්මක දීර්ඝකාලීන පුහුණුවක් හදාරා පසුගිය ඉරිදා (31) දින ඌවකුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී අභිමානවත් ලෙස විසිරයන ලදී.

සංගීත සංදර්ශන, ටයිකොන්ඩෝ සංදර්ශන, ප්‍රභූ ආරක්‍ෂක ශිල්පක්‍රම ප්‍රදර්ශනය, සුනඛ සංදර්ශන, ස්නයිපර් සංදර්ශන, නිදහස් ආර පැරෂුට් සංදර්ශන රැසකින් වර්ණවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා විසිරයන කමාන්ඩෝ සෙබළුන්ගේ ඥාතීන් රැසක් එක්ව සිටියහ.

මෙම විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා සහභාගී වූ අතර යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එච්.එච්.ඒ.එස්.ජී.කේ. සෙනාරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ. සමරසිරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් විසිරයාමේ පෙළපාළිය නැරඹීම සඳහා එක්ව සිටියහ.   Sportswear free shipping | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth