Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2019 16:43:37 Hours

කුට්ටිගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නවතමයෙන් ඉදිකල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත නේවාසික ගොඩනැගිලි සංකීර්ණය සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අලුත් වැඩියා කරන ලද බලළත් නිලධාරී හා සැරයන් නිවස්නය පසුගිය සෙනසුරාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සාලිය පද්මශාන්ත සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් තිලක් දිසානායක ගේ ආරාධනයකට අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිම කල අතර ආගමික වතාවත් මධ්‍යයේ මෙම ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරු පරිශ්‍රයේ ‘කටු අනෝදා’ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චානක වේරගොඩ, ප්‍රධාන අභ්‍යන්තර විගණකාධිපති කර්නල් මාලන් ද සොයිසා (ශික්ෂණ රෝහල, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය), යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් පාලිත හේවාවසම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් සාලිය පද්මශාන්ත, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා බලඇණි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ. best Running shoes | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth