Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2019 16:50:59 Hours

යුධෝපකරණ බලකාය හරිත පරිසරයක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද ගේ උපදෙස් මත සිකුරාදා (29) දින පරිසර හිතකාමිත්වයට විශාල වැදගත්කමක් ඇති දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම වැඩපිළිවෙල යටතේ පලතුරු හා විවිධ ශාක පැලෑටි 550 කට වැඩි ප්‍රමාණයක් රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාල සංකීර්ණයේ, යුධ උපකරණ පුහුණු පාසලේ, යුධ උපකරණ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ සහ ක්‍රිඩා සංකීර්ණය තුල රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් විද්‍යානන්ද ඇතුළු බ්‍රිගේඩියර් එස්.එම්.ඩබ්.එන් තල්ගහවත්ත, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඉංගිරිය අඩවි වන කාර්යාලයෙහි නියෝජිතයින් පිරිසක් සහභාගිවිය.

මෙම වැඩසටහනට සමගාමීව ඉංගිරිය අඩවි වන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් විසින් "ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමේ වැදගත්කම" යන තේමාව යටතේ දේශණයක් පැවැත්විය. එහිදි ‘පරිසර සංරක්‍ෂණය’ තව දුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් හා වන හානිය නිසා ඇතිවිය හැකි බරපතල තත්ත්වය පිළිබඳව ඔවුන් වැඩි දුරටත් අදහස් දැකිවිය.

වැඩසටහන අවසානයේ දී ඖෂධීය කැඳ විදුරුවකින් එහිසිටි පිරිසට සංග්‍රහ කරන ලදි.Running Sneakers Store | UOMO, SCARPE