Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2019 10:19:20 Hours

වව්නියාවට පැමිණෙන කතෝලික වන්දනා කරුවන් හට යුද්ධ හමුදාවෙන් ආගන්තුක සත්කාර

කතෝලික වන්දනාකරුවන් ඔවුන්ගේ වාර්ෂික සමරු උත්සවයට සහභාගි වෙමින් පාස්කු සතියට පෙර මන්නාරමේ සිට වවිනියාවේ කොමරසකුලම් දක්වා පා ගමනින් පැමිණෙනමින් සිටියෙදි පූවරසකුලම් හන්දියේදි 61 වන සේනාංකයේ භට පිරිස් විසින් එම බැතිමතුන් හට ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් සපයා ඇත.

එම බැතිමතුන් කොමරසකුලම් පල්ලියට ළඟාවීමෙන් පසු සිකුරාදා (29) දින මන්නාරම පූජක තුමන් විසින් මෙහෙය වූ විශේෂ ‍දේව මෙහෙයට සහභාගිවිය‍. අනතුරුව මඩු දේවස්ථානයේ පැවති අප ස්වාමිදුගේ විශේෂ යාච්ඥාවට සහභාගිවීමට පෙර එම බැතිමතුන් දින තුනක් පුරා දේවස්ථානවල රැදි සිටිමින් සංවිධානය කරන විශේෂ රාත්‍රි දේව මෙහෙයන් වලට ද සහභාගිවිය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න ගේ උපදෙස් මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන් හට විශේෂ කුටි ඉදිකරන ලද අතර එහිදි ඔවුන් සුහඳ ශීලීව පිළිගනු ලැබූවේ සිසිල් පැන් සංග්‍රහ කිරිමෙනි. අනතුරුව විවිධ අසනීප තත්ත්වයන් සහිත පුද්ගලයින් හට යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීයෙකුගේ සේවය ලබාදුන් අතර, සුළු තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්හ. මෙහිදි පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයන් නොතකා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම සත්කාරය සිදු කළහ.

මෙම වන්දනාකරුවන් දින ගනනක් දැඩි අව් රශ්මිය හේතුවෙන් අධික ලෙස වෙහෙසට පත්ව සිටි අවස්ථාවක ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කළ මෙම ආගන්තුක සත්කාරයන් සඳහා ඔවුන්ගේ කෘතඥතාවය පළ කළහ.best Running shoes brand | Nike for Men