Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2019 16:24:46 Hours

නව කිලිනොච්චි ආඥාපති ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 34 වන නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිකුරාදා (29) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිසක් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිය.

එහිදි මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා රාජකාරි ආරම්භ කරන ලදී. අනතුරුව එම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

එම අවස්ථාවේදි නව ආඥාපතිතුමන් සියළු නිලධාරීන් සමග එක්ව නිලධාරී නිවස්නයේදි සූරිය පැනල් 4 ක් සිවිල් වැසියන් හට පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චි ආඥාපතිතුමන්, 65 සහ 66 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්විය.url clone | adidas Yeezy Boost 350