Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2019 16:00:44 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ගෙන් බුද්ධංගලට මාර්ගයක්

අම්පාර ප්‍රදේශයේ ‘බුද්ධංගල සමාධි බුද්ධ ප්‍රථිමා මාවත’ නමින් එම ගම්මානයේ විහාරස්ථානයට පිවිසෙන මාර්ගය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කොන්ක්‍රීට් අතුරා සකස් කිරිමෙන් අනතුරුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන්ගේ ආරාධනයකට අනුව මාර්ගය කර විවෘත කිරිම සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (23) විවෘත කරන ලදි.

24 වන සේනාංකය හා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම මාර්ගයේ සම්පූර්ණ ඉදිරිකිරිම් කටයුතු පිළිබඳ භාරව කටයුතු කළ අතර ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් බුද්ධික දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ ශ්‍රමදායකත්වයෙන් මාර්ගය සකස් කර ඇත.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය වැඩමකළ අතර, 24 වන සේනාංකයෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක්ද එක්විය.bridge media | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers