28th March 2019 09:41:34 Hours
බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසල හා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නේවාසික ප්‍රදේශය අවට ඇති වූ හදිසි ගින්නක් පසුගිය අඟහරුවාදා (25) දින බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ භට පිරිස් හට දැන ගැනීමට හැකිවී ඇති අතර එම ප්‍රදේශයේ ඇති වියලි කාලගුණ තත්ත්වය මෙම ගින්නට හේතු වී ඇති බවත් එම අවස්ථාවේ පැවති දැඩි සුළං ස්වභාවයද ගින්න පැතිරීමට හේතු වී ඇත.
බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ සේනාවිධායකගේ උපදෙස් මත බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ පුහුණු වන යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගේ සහය ඇතිව පැය කිහිපයක් ඇතුළත ගින්න මැඩපැවැත්වීමට හැකි වී ඇත.
පසුව සිවිල් බලධාරීන්ගේ ඉල්ලීමක් මත ගින්න නිවා දැමීමට සහ එහි පැතිරීම වැලැක්වීම සඳහා බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ පුහුණු වන යුද්ධ හමුදා සාමාජිකයින් හට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොලිසියේ ගිනි නිවීමේ භටයින්ද යුහුසුළුව ක්‍රියාත්මක වන ලදි.
බූවැලිකඩ සංඥා බලකා පුහුණු පාසලේ පුහුණු වන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුලත වේගයෙන් ව්‍යාප්ත වෙම්න් තිබූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වී ඇත. trace affiliate link | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp