Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2019 22:45:02 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සංවිධානය කල මූලික ඉංග්‍රිසි පාඨමාලාව සාර්ථකව නිමාවට

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලික ඉංග්‍රිසි පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 19 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (19) දින පැවැත්විණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම මත මෙම පාඨමාලාව 2019 පෙබරවාරි මස 13 වන දින ආරම්භ කෙරිණි.

වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා නිලධාරීන්ගේ කාර්යක්‍ෂම සන්නිවේදනය සහ ප්‍රයෝගික සන්නිවේදන ප්‍රගුණ කිරීම, ලිවීම, ශ්‍රවණය කිරීම සහ කථන කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පවත්වන ලදී.

මෙම පාඨමාලාවේ පැවරුම්, ඉදිරිපත් කිරීම් සහ ලිඛිත පරික්‍ෂණයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩි.එම්.එල්.එම්. බණ්ඩාර පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදි.

පාඨමාලාවේ දෙවන ස්ථානය 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන ලුතිතන් කේ.වී.ආර්.ටි. කටුවාගල විසින් හිමිකරගත් අතර 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන ලුතිතන් එච්.එම්.කේ.එස්. බණ්ඩාර තෙවන ස්ථානය හිමිකරගත්හ.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවයේ සහ සහතිකපත් පිරීනැමිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස් සහභාගි වූහ. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. latest Nike release | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp