Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2019 22:50:02 Hours

පරිසර දුෂණය පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

යාපනය අර්ධද්වීපය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිදහස් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් දේශන සැසියක් පසුගිය සිකුරාදා (22) දින යාපනය ආරක‍්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 350 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම දේශන සැසිය යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිළිණි ගුණසේකර මහත්මිය සහ තවත් දේශකයින් හතරදෙනෙකු විසින් මෙහෙයවන ලදී.

මෙම දේශන සැසියේ දී ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම මෙන්ම සියළුම යුද්ධ හමුදා කඳවුරු ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍යවලින් නිදහස් කරගැනීම සඳහා විකල්ප ස්වාභාවික නිෂ්පාදන භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. Running Sneakers Store | Nike