23rd March 2019 22:34:02 Hours

‘මානසික සෞඛ්‍ය හා පූර්ව ළමාවිය සංවර්ධනය’ පිළිබඳ ගර්භනී කාන්තාවන් දැනුවත් කිරීමේ සඳහා වැඩමුළුවක් පසුගිය බදාදා (20) දින පුලේලිය, කිරලගල විහාරස්ථානයේදී 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සංවිධානය කරන ලදී.
මෙම වැඩමුළුව කොළඹ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනයේ දර්ශන නෙරංජන් මැදවල මහතා සහ නෙත්මලී මුණසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.
මෙම වැඩමුළුව සඳහා ගර්භනී කාන්තාවන් 51 ක් දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූ අතර 231 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සහභාගී වූවන්ට ආහාරපානවලින් සංග්‍රහ කළහ.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්.එස්.රත්නායක ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි. Adidas footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals