Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2019 15:30:22 Hours

53 වන සේනාංකයේ භටපිරිස් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක

ජනාධිපති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය ආයතන එක්ව දියත් කරන ලද ශ්‍රී ලංකාවේ වන ගහනය 32% ක් දක්වා වැඩිකිරීමේ ව්‍යාපෘතියට අනුව ජාත්‍යන්තර වනාන්තර දිනයට සමගාමීව 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ උපදෙස් මත ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පසුගිය බ්‍රහස්පතින්දා (21) දින රුක් රෝපණය වැඩසටහනක් පවත්වන ලදී.

හුරුළුවැව ශ්‍රී ලංකා මහවැලි අධිකාරි කාර්යාලය සමඟ සමීප සම්බන්ධතාවයෙන් මෙම වැඩසටහන දියත් කරන ලද අතර 53 වන සේනාංකයේ භට පිරිස් ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළ 600 රෝපණය කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

ජාත්‍යන්තර වනාන්තර දිනය 2019 මාර්තු මස 21 දිනට යෙදි තිබූණු අතර 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්යන්තර වනාන්තර දිනය ප්‍රකාශයට පත් කර ඇත. තවද, ලෝක වනාන්තර දිනයට සමගාමීව සියලු ගස් වර්ගවල හා වනාන්තරවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කර ඇත.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හුරුළුවැව නේවාසික ව්‍යාපාර කළමණාකරු ඊ.එච්. ජයරත්න, 53 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Sneakers Store | Men’s shoes