Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2019 13:10:24 Hours

පූජ්‍යපාද දෙහිඕවිට පියතිස්ස හිමිපාණන්ගේ අවමංගල්‍ය උත්සවය 22 වන සේනාංකයේ පූර්ණ සහයෝගය ඇතිව සිදු කරයි

උතුරු, නැගෙනහිර සහ තමන්කඩුව කලාපයේ ප්‍රධාන සංඝනායක සහ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක මුළු දිවයිනටම සාමවිනිසුරු මෙන්ම චීන වරාය ශ්‍රී බෝධිරාජාරාමය, ආනන්දම තිස්ස රජමහා විහාරය, දිමුතුගම සමුද්‍රාසන්න විවේකාරාමය, විලංකුලම දිවුල්වැව රජමහා විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ විසු අපවත්වී වදාළ පූජ්‍යපාද දෙහිඕවිට පියතිස්ස නාහිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සිකුරාදා (20) දින ත්‍රිකුණාමලය Maxweber ක්‍රීඩාපිටියේදි සිදු කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක මූලස්ථානය, ප්‍රධාන භික්ෂූන් වහන්සේලා, දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය බලධාරීන්, නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, දායක සභාව, විවිධ පන්සල් සංවිධානයන් සහ ස්වේච්ඡා සේවකයින් විශාල පිරිසක් සමඟ එක්ව අපවත්වී වදාළ නා හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

ඒ අනුව, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ඒ. එන්. බී. වීරසිංහ ගේ උපදෙස් මත අවමංගල්‍යය කටයුතු සඳහා සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම, සිවිල් වැසියන් සමඟ එක්ව සෑය ඉදිකිරීම, මාර්ගයේ සහ විහාර පරිශ්‍රයේ කුංකුම ඉදිකිරීම සහ ප්‍රවාහන පහසුකම් ආදිය සපයනු ලැබීය.

ජනවාර්ගික වෙනස්කම් නොතකා නැගෙනහිර පළාතේ සේවය කළ නා හිමිපාණන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.බී. වීරසිංහ, නාවික, ගුවන් හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 22 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් අවමංගල්‍යය පෙරහැරට සහභාගි වූහ.

ත්‍රිකුණාමලයේ පිහිටි චීනවරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය වෙත පූජ්‍ය පියතිස්ස නාහිමිපාණන් වහන්සේ පැමිණ වසර කිහිපයකට පසුව ඉන්දිය සාම සාධක හමුදාව විසින් කුරිරු ලෙස ඝාතනය කරන ලද අතිපූජ්‍ය රඹුක්කන ශ්‍රී සද්ධාලංකාර නාහිමිපාණන් විසින් වර්ෂ 1980 දී පැවිදි දිවියට ඇතුලත් කරන ලදී.

පූජ්‍ය පියතිස්ස නාහිමිපාණන් වහන්සේ නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආරක්‍ෂක අංශ සාමාජිකයින් පැහැරගත් අවස්ථාවන් හිදී ආරක්‍ෂක අංශයන්හි සාමාජිකයින්ගේ පවුල්වල සුභසාදන කටයුතු පිළිබඳව සොයා බලමින් ඔවුන් නිදහස් කරගැනිම සඳහා අවශ්‍ය සියළු කටයුතු සිදු කරන ලදි. උන්වහන්සේ එම ප්‍රදේශයේ අනෙකුත් ආගමික නායකයින් සමඟ සමීපව කටයුතු කළ අතර සංඝ ශිෂ්‍යය වහන්සේලා සිව්පස් නමකගේ ගුරුවරයා ද විය. Adidas shoes | Nike