Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2019 13:00:23 Hours

යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

කලාඹය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 6 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සෙනාරත්න පසුගිය බ්‍රස්පතින්දා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කරන ලදී.

වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් හට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේ දී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සංකේතාත්මකව සිය ධූරයේ රාජකාරි භාරගත්හ.

නව සේනාවිධායකතුමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් ඔවුන්ගේ සහයෝගය ඉල්ලා සිටියහ. Nike air jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals