Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2019 14:00:43 Hours

ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ නව නේවාසිකාගාරය සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරේ

දියතලාවේ පිහිටි ප්‍රඟුණ හා සැඟවුනු වෙඩික්කරු පුහුණු පාසලේ භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකල සෙසුනිල නේවාසිකාගාර ගොඩනැගිල්ල සහ සම්මන්ත්‍රණ ශාලාව පසුගිය සඳුදා (18) දින පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.

ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජි.එම්.සී.කේ.බී. ඒකනායක ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව ඉදිකිරීම් කටයුතු අවසන් කල නව ගොඩනැගිලි සංකීර්ණයේ සමරු පලකය විවෘත කර පීත්ත පටිය කපා විවෘත කරන ලදී.

දිගින් අඩි 100 ක් සහ පළල අඩි 20 කින් යුතු නවතමයෙන් ඉදිකරන ලද නේවාසිකාගාරය මෙන්ම සම්මන්ත්‍රණ ශාලාව පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවතිණි. මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල් පරිශ්‍රය සහ ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලව මෑතකදී අලුත්වැඩියා කරන ලද දියතලාව වෙඩිපිටිය නිරීක්‍ෂණය කළහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක, පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයින්, නිලධාරීන් සහ ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | Sneakers