Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2019 09:00:23 Hours

24 වන සේනාංකයේ භටපිරිස් ‘නීතීමය පියවර’ පිළිබඳ දැනුවත් කෙරේ

‘නීති උපදෙස් සහ උපදේශනය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්රවීණ නීතිඥවරියක් වන මේධා ද අල්විස් මහත්මියගේ සහයෝගය ඇතිව දේශන සැසියක් පසුගිය බදාදා (13) දින අම්පාර, මල්වත්ත ප්රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වන ලදී.

මෙම දේශන සැසියට සහභාගී වූ 24 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් හට ‘නීතිමය ප්‍රතිලාභ ලබා ගැනීම, හමුදා කළමණාකරණය, පවුල් ගැටළු සහ එහි සීමාවන්ට අදාළ නීතිය මෙන්ම  බැඳුම්කර හා එහි ඇඟවුම්’ යන කරණු පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමට හැකිවිය.

තවද, මෙම අවස්ථාවේදී ඔවුන්හට නැගෙන ප්‍රශ්න සහ ගැටළු සාකච්ඡා කරගැනිමට ද අවස්ථාව ලැබුණී. එමෙන්ම, පවුල් සන්නිවේදන ජාලයේ වැදගත්කම, පෞද්ගලික වටිනාකම සහ සමාජ හැසිරීම් රටා පිළිබඳව දැනුමක් ලබාගැනීමට ද සහභාගීවූවන්ට හැකිවිය.

මෙම දේශනය සඳහා 24 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.

තවද දේශනය සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Sportswear free shipping | Nike Shoes