Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2019 10:00:23 Hours

24 වන සේනාංකයේ පිහිටි චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහඟු පිංකම පසුගිය ඉරිදා (10) දින පැවැත්වූ අතර මෙම උතුම් අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ආරාධනාවකට අනුව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.

මෙම චෛත්‍යය ඉදිකිරීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාව, සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ CIC කෘෂි ව්‍යාපාර පෞද්ගලික ආයතනය සහයෝගය ලබාදී ඇත. මෙම චෛත්‍යය නිරාවරණය කිරීමේ උත්සවයට සමගාමීව පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර උත්සව කටයුතු නිමාවට පත් කරමින් පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය පිළිගැන්විය.

24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවැති මෙම මහඟු පිංකම සඳහා අම්පාර දිස්ත්‍රික්යේ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. latest Nike Sneakers | nike