21st March 2019 12:00:23 Hours
කිලිනොච්ච් ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි රෝහලේ සහයෝගය ඇතිව නිලධාරීන් 8 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 79 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පසුගිය සඳුදා (18) දින රුධිරය පරිත්‍යාග කළහ.
මෙම ලේ දන්දීමේ වැඩසටහන 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය ලේ බැංකුවේ කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව මාන්කුලම් රෝහල් පරිශ්‍රයේ දී සංවිධානය කළහ.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත සිවිල් වැසියන් හා ආරක්‍ෂක හමුදාවන් අතර සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. Nike air jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov