21st March 2019 08:08:21 Hours
නව බලාපොරොත්තු සහ තරඟ වාර්ථාවන් රැසක් බිහිකරමින් 20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් බදාදා (20) දින සන්ධ්‍යාවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි සාර්ථකව නිමාවට පත්විය.
යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ගේ සහභාගීත්වයෙන් මාර්තු මස 19 සහ 20 යන දෙදින පුරා පැවති මෙම තරඟාවලියේ දී ජාතික හා ජාත්‍යන්තර තරඟ ක්ෂේත්‍රයට පිවිසීමට සුදුසුකම් ඇති ජවන හා පිටිය තරඟ ඉසව්වන්ගෙන් නව වාර්ථා පිහිටවූ තරඟකරුවන් තෝරාපත් කරගනු ලැබීය.
මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.
මෙවර යුද්ධ හමුදා ආධූනික මළල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය ලකුණු 139 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට හිමිවූ අතර ලකුණු 134 ක් ලබාගත් ගැමුණු හේවා බලකායට දෙවන ස්ථානය සහ ලකුණු 84 ක් ලබාගත් විජයබාහු පාබල රෙජිමේන්තුවට තරඟාවලියේ තෙවන ස්ථානය හිමිවිය.
එමෙන්ම, කාන්තා අංශයේ ශූරතාවය ලකුණු 105 ක් ලබාගත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවූ අතර ලකුණු 100 ක් ලබාගත් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට දෙවන ස්ථානයත් ලකුණු 64 ක් ලබාගත් ශ්‍රී ලංකා සංඥා බලකායට තරඟාවලියේ තෙවන ස්ථානයත් හිමිවිය.
දෙදිනක් පුරා පැවැති මෙම තරඟාවලියේ දී ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොලොසන් හඬ මධ්‍යයේ නව තරඟ වර්තා 9 ක් පිහිටුවීමට සමත්විය.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් සී.එස්. ඇටිපොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි, යුද්ධ හමුදා තුර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ෆාරීස් යූසුෆ්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.
මෙහිදී, 20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 හී සමාප්තිය යුද්ධ හමුදා මාණ්ඩලක ප්‍රධානි තුමන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.
තරඟාවලියේ ජයග්‍රාහකයින පහතින් දැක්වේ;
Sport media | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News