Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2019 20:49:39 Hours

බලපිටියේ පැවති සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දස්කම් දක්වයි

සැතපුම් 2 මුහුදු පිහිනුම් තරඟාවලිය - 2019, පසුගිය සෙනසුරාදා (16) දින යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් බලපිටිය මුහුදු තීරයේ දී පැවැත්විණි. එහිදි, පිරිමි අංශයේ පළමු 25 දෙනා අතරට යුද්ධ හමුදා ක්‍රීඩකයින් 16 දෙනෙකු එක්වෙමින් තරඟාවලියේ කණ්ඩායම් ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත් වූ අතර කන්තා අංශයේ පළමු 25 දෙනා අතරට යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් 07 දෙනෙකු එක්විය.

ශ්‍රී ලංකා වෙරළ තීරයේ බෝහෝ ජීවිත බේරාගැනීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂකයින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම තරඟාවලිය පැවැත්වීම සඳහ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කමිටුව ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙනු ඇත.

මෙවර තරඟාවලිය සඳහා සන්නද්ධ හමුදාවන්, පොලිසිය, පාසල් පිහිනුම් ක්‍රීඩකයින්, පිහිනුම් ක්‍රීඩා සමාජ සහ විදේශියකයින් ඇතුළුව ක්‍රීඩිකාවන් 31 ක් සහ ක්‍රීඩකයින් 294 දෙනෙකු සහභාගි වූහ. තවද, යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් 21 දෙනෙකු සහ පිහිනුම් ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ද තරඟාවලිය සඳහා එක්විය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමන්‍ය සෙබල ඩබ්.එම්.බි.එල් අබේරත්න සමස්ථ තරඟයේ දෙවන ස්ථානය සඳහා සම්මාන දිනාගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල ජි.ඩි.සී.ඒන් පෙරේරා අබාධිත අංශයේ පිහිනුම් අභියෝගතා කුසලානය හිමිකරගත්හ.

තවද, ආරක්‍ෂක සේවා අංශයේ කණ්ඩායම් ශූරතා කුසලානය මිනිත්තු 75 ක් ඇතුලත පොලිස් පිහිනුම්කරුවන්ට එරෙහිව තරඟ වැදුණු යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් විසින් හිමිකරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඒච්.ජි.අයි විද්‍යානන්ද ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් පුහුණු සැසියන් පවත්වමින් ජල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නිරතවීම තුලින් මෙම ජයග්‍රාහණයන් ලබාගැනීමට හැකිවිය.

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ උප සභාපති කර්නල් ක්ලිෆඩ් ද සොයිසා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ ලේකම් කපිතන් එල්.ආර්.කේ. පීරිස් මෙන්ම ප්‍රධාන පුහුණුකරු සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ සිවිල් ක්ෂෙ‍්ත්‍රයේ පිහිනුම් ක්‍රීඩකයින්, සිසුන් හා නරඹන්නන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. buy footwear | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092