Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2019 09:00:48 Hours

55 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක‍්ෂක සේනා මූලස්ථානය යටතේ යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංක මූලස්ථානයේ 23 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එන්.එස්. කොටුවේගොඩ පසුගිය සිකුරාදා (15) දින රාජකාරි අරඹන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරීනැමීමෙන් අනතුරුව සරඹ භූමියේදී පැවැති සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරීනැමීය. තවද, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. ඉන් අනතුරුව, නව සේනාංකාධිපති සිය කාර්යාලයේ දී ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්හ.

ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගිවූ නව සේනාංකාධිපතිතුමන් එහිදි, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු සහභාගීවූවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ජයනාත් ගුණරත්න, 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කේ.එන්.එස්. කොටුවේගොඩ සිය ධූරයේ රාජකාරී භාරගත්හ. url clone | balerínky