Header

Sri Lanka Army

Defender of the Nation

14th March 2019 19:45:38 Hours

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් විදුලි ආලෝකකරණ පද්ධතියක් ස්ථාපිත කරයි

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටි චෛත්‍ය (දාගැබ) ආලෝකමත් කිරීමට විදුලි බුබුළු පද්ධතියක් ස්ථාපිත කරන ලද අතර මෙම පද්ධතිය පසුගිය ඉරිදා (10) දින පැවැති සරල උත්සවයකින් විවෘත කරන ලදී.

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් භාතිය ජයවීර ගේ ඉල්ලීමකට අනුව දුමින්ද ජයවීර මහතා විසින් ආලෝකකරණ පද්ධතිය මෙම බෞද්ධ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කරන ලද අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ දුමින්ද ජයවීර මහතා විසින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නව විදුලි ආලෝකකරණ පද්ධතිය විවෘත කරනු ලැබීය.

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම මත එම බලකායේ ඉංජිනේරු කපිතන් හිමාෂ් ජනසිංහ මෙම ආලෝකකරණ පද්ධතිය නිර්මාණය කිරීම සඳහා සහයෝගය දැක්විය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ. latest Nike Sneakers | adidas Yeezy Boost 350