Header

Sri Lanka Army

Defender of the Nation

14th March 2019 19:43:43 Hours

2 වන (ස්වෙච්ඡා) සංඥා බලකාය විසින් නවතමයෙන් ඉදිකරන ලද බුදුමැදුර විවෘත කෙරේ

2 වන (ස්වෙච්ඡා) සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් භාතිය ජයවීර ගේ මඟපෙන්වීම යටතේ එම බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මහවැලිතැන්න ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ නව බුදුමැදුරක් ඉදිකරන ලදී.

ලුතිතන් කර්නල් භාතිය ජයවීර ගේ ඉල්ලීමකට අනුව මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය දුමින්ද ජයවීර මහතා සහ රංග වරුසවිතාන මහතා විසින් ලබාදුන්හ.

මෙම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ඉදිකරන ලද නව බුදුමැදුර මහා සංඝරත්නය, 2 වන (ස්වෙච්ඡා) සංඥා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින්, දෙමාපියන් සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සරල උත්සවයක දී සිසුන් වෙත භාරදෙන ලදි. spy offers | M2k Tekno