Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2019 13:01:26 Hours

14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්හි මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව පාසල් උපකරණ තොගයක් සහ පුදුමාතලන් ප්‍රදේශයේ ආබාධිත දරුවෙකු වෙත රෝදපුටුවක් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.එස්. මූණසිංහගේ මඟපෙන්වීම මත පුදුමාතලන් ප්‍රදේශයේ අම්පලාවන්පොක්කනෛයි සහ වලෛයිමඩම් පෙර පාසල්හි ඉගෙනුම ලබන පෙර පාසල් සිසුන් 20 දෙනෙකු සඳහා අවශ්‍ය වූ පාසල් උපකරණ ද එම ප්‍රදේශයේ ආබාධිත දරුවෙකුට අවශ්‍ය රෝදපුටුවක් ද මෙලෙස ප්‍රදානය කළහ.

681 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (13) දින පැවැති උත්සවයකදී මෙම පාසල් උපකරණ සහ ආබාධිත දරුවා වෙත රෝදපුටුව ප්‍රදානය කළහ.

තවද, මෙම අවස්ථාව සඳහා වලෛයිමඩම් සෙබමාලි දේවස්ථානයේ පූජකතුමන්, බටහිර මුල්ලිවෛක්කාල් දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පතිතුමන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ. Buy Kicks | Nike, adidas, Converse & More