11th March 2019 08:48:56 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ මඟපෙන්වීම මත රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන භූමි පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටනක් එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් පසුගිය සෙනසුරාදා (10) දින පැවැත්විණි.
‘පරිසරය පූජනීයයි’ යන සංකල්පය තේමා කරගනිමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේනාවිධායක කර්නල් එස්. ජේ. ප්‍රියදර්ශණ ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් විසින් අඟහරුවාදා (11) දින රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන් ඇතුළු මහා සංඝරත්නය 15 නමක් විශයෙහිලා දහවල් දානය පිළිගැන්විය. එහිදි එම විහාරස්ථානයේ විහාරාධිපති නාහිමිපානන්ගේ අශීර්වාදය යන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සමාජිකයින් හට හිමිවිය. buy footwear | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet