Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2019 08:47:58 Hours

11 වන සේනාංකයේ 9 වන සංවත්සරයට සමගාමීව පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක්

පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානයේ 9 වන සංවත්සරය නිමිති කොටගෙන ආශිර්වාද එක්කිරිමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පිංකමක් පසුගිය සිකුරාදා (1) දින පැවැත්විණි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි.ජේ නානායක්කාර ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබු මෙම වාර්ෂික සැමරුම් උත්සවය මහා සංඝරත්නයේ වැඩමකරවීමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටියක් පිලිගන්වමින් පිරිත් සජ්ඣායනාව සිදු කිරිම සඳහා ආධාරනා කරන ලදි.

පිරිත් සජ්ඣායනාව අවසානයේ පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල්දානය පිළිගන්වනු ලැබීය.

11 වන සේනාංකයේ සේවයේ යෙදී සිටියදී රට දැය වෙනුවෙන් දිවිපිදු මෙන්ම දැනට සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට ‍ආශීර්වාද එක් කරමින් මෙම උත්සවය නිම කරන ලදි. bridgemedia | nike air force 1 shadow , eBay