Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2019 08:43:14 Hours

නැගෙනහිරටත් ‘Master Logger’ අභ්‍යාසයක්

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නිලධාරීන් හා සෙසුනිලයන්ගේ පරිපාලන හා භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුම හා නිපුණත්වය වැඩිදියුණු කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ‘Master Logger’ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලදී.

මෙම පුහුණු අභ්‍යාසයේ සමාරම්භක දේශන සැසියේ ආරම්භක දේශනය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සඳුදා (11) දින පැවැත්වූ අතර පුහුණු අභ්‍යාසය සිකුරාදා (15) දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.ඩී. වන්නිආරච්චි සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි යන නිලධාරීන් ද සහභාගී වූහ.bridgemedia | New Releases Nike