Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2019 15:14:20 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි 570 ක් බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 57 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් විශ්වමඩු, තොට්ටිඩි, චුන්ඩිකුලම්, තේරවිල්, පුන්නරාවී, මයිලාවනාපුරම්, භාරතිපුරම් සහ නේතලිආරු යන ප්‍රදේශයෙන්හි තෝරාගත් සිවිල් වැසියන් 570 ක් වෙත මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහ ශ්‍රී ලංකාවේ විද්‍යා සීවලෝගනාදන් පදනමේ අනුග්‍රහය ඇතිව ඇස්කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (08) දින ධර්මපුරම් ශාන්ත ලූක් දේවස්ථානයේ දී පැවැත්විණි.

මෙම ඇස්කණ්නාඩි බෙදාදීමේ උත්සවය සඳහා මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ විද්‍යා සීවලෝගනාදන් පදනමේ සභාපතිණි සුවිනිතා වීරසිංහ මහත්මිය, ශ්‍රී ලංකාවේ විද්‍යා සීවලෝගනාදන් පදනමේ සම සභාපතිණි සුවිනිතා වීරසිංහ මහාචාර්ය එම්. නන්දලාල් මහතා සමඟින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි වූහ.

ග්‍රාම නිලධාරී සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම සෞඛ්‍ය අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු ලබාදීමෙන් අනතුරුව 57 වන සේනාංක බලප්‍රදේශය තුල මෙතෙක් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘති අතුරින් එකක් ලෙස මෙම වැඩසටහන දියත් කරන ලදී. buy shoes | Nike