Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2019 08:40:09 Hours

57 සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් ‘මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කෙරේ

‘මානව හිමිකම්’ පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 සහ 66 වන සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සහ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ දී මාර්තු මස 7 සහ 8 දිනයන්හිදී පැවැත්විණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත පැවැති මෙම වැඩමුළුව වවුනියාව, මානව හිමිකම් කොමිසමේ සම්බන්ධීකරණ නිලධාරී එම්.ආර්. ප්‍රියදර්ශන මහතා විසින් මෙහෙයවනු ලැබීය. තවද මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 14 ක් සහ සෙසුනිලයින් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. latest jordan Sneakers | Men's Footwear