Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2019 08:48:49 Hours

224 වන බලසේනාවේ මූලිකත්වයෙන් තඹලගමුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

හොරණ, තලගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන ස්වාමින් වහන්සේගේ මූල්‍යමය සහයෝගය ඇතිව 224 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස්හි තාක්‍ෂණික සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පදිංචි අඩු ආදයම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකර දුන්හ.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ ගේ උපදෙස් අනුව ඉදිකරනු ලැබු මෙම නව නිවස පසුගිය සිකුරාදා (08) දින තඹලගමුව ප්‍රදේශයේ දී පැවැති චාම් උත්සවයකදී නිවාසලාභින් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී එදිරිවීර ගේ මඟපෙන්වීම මත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

මෙම නිවස භාරදීමේ උත්සවය සඳහා කර්නල් ඊ.ඒ.පී. එදිරිවීර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රජා නායකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.Nike air jordan Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat