Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2019 12:24:20 Hours

කොළඹ හින්දු විද්‍යාලයේ සිසුන්ට පුහුණු වැඩමුළුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, කොළඹ හින්දු විද්‍යාලයේ සිසුන්ට සිය සුබසාධනය ලබාදෙමින් ‘සාමය හා සංහිඳියාව’ තේමා කරගත් ක්‍රිකට් සටනට සමගාමීව පසුගියදා පැවැති පාගමන සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදුන් අතර එහි තවත් පියවරක් ලෙස ආචාර ධර්ම, විලාසිතා, විනෝදය සහ පෞද්ගලික සංවර්ධනය පිළිබඳ මූලික පුහුණුවක් ලබාදීමට එම විදයාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් 43 දෙනෙකු වෙත ආරාධනා කරන ලදී.

ඒ අනුව, එම සිසුන් ඇතුළු විද්‍යාලයේ ගුරුවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් බදාදා (06) දින කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී මෙම වැඩමුළු පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත පැවැති මෙම මූලික වැඩමුළුව සඳහා අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ යුද්ධ හමුදා ආහාර සැපයුම් බලකාය විසින් ලබාදුන් අතර වැඩමුළුවේ දේශන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිනන් කර්නල් අනුරාධ මෙන්ඩිස් විසින් පැවැත්විය. Buy Kicks | Nike Releases, Launch Links & Raffles