Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 21:55:43 Hours

අන්තර් සමාජ කබඩි තරඟාවලියේ දී යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් දස්කම් දක්වයි

අන්තර් සමාජ වෙරළ කබඩි තරඟාවලියේ අවසන් තරඟ පසුගිය පෙබරවාරි මස 27 සහ 28 දිනයන්හිදී තංගල්ල, මැඩැල්ල වෙරළ තීරයේ දී පැවැති අතර එහිදි තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා කබඩි ක්‍රීඩකයින් සමත්විය.

මෙවර තරඟාවලිය සඳහා දිවයින පුරා කබඩි කණ්ඩායම් 10 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ අතර තරඟාවලියේ අනූශූරතාවය ලකුණු 36 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හිමිවිය.

එමෙන්ම, කාන්තා අංශයේ අවසන් තරඟය යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමඟ පැවැති අතර තියුණු තරඟයකින් අනතුරුව ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 33 ක් ද යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 23 ක් ද වශයෙන් හිමිකරගනිමින් තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදා කබඩි ක්‍රීඩිකාවන්ට හිමිවිය.

මීට අමතරව, ‘ඒ’ අංශයේ තරඟාවලියේ සම අනුශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සමත්වූ අතර වීරබාහු ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජයට පත් කරමින් අවුරුදු 25 න් පහළ සම ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා සහ පොලිස් ක්‍රීඩකයින් සමත්විය. එම තරඟයේ ලකුණු 36/22 ක් විය. Running Sneakers | Yeezy Boost 350 Trainers