Header

Sri Lanka Army

Defender of the Nation

08th March 2019 11:24:20 Hours

යුද්ධ හමුදා සූපවේදීන්ට ආහාර පිළියෙල කිරීම පිළිබඳ සමාලෝචන වැඩමුළුවක්

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියට අනුව දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරුවල සේවයේ නියුතු ආහාර පිසීමේ විශේෂඥයන්, සුපවේදීන් හා කෝකිවරුන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 89 දෙනෙකුට අධික පිරිසක් සඳහා ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදීමේ තවත් වැඩමුළුක් බදාදා (27) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පැවැත්විණි.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබු මෙම ප්‍රයෝගික වැඩමුළුවේ දේශන කපිතන් ටී.ඒ.කේ.පී. තිලකරත්න (සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම සහ සකස් කිරීම), ලුතිනන් ඒ.කේ.කේ. උඩගම සහ පෝෂණවේදීනි කුමුදුනී සතරසිංහ මහත්මිය (ආහාරවල ගුණාත්මක අංශ රැක ගැනීම), ලුතිනන් එච්.ටී.ජි.එල්. දේශප්‍රිය (මානසික හැසිරීම) සහ ධර්මසිරි මහතා (ආහාර පිසිම) විසින් පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව සඳහා සහභාගිවූ සියලුදෙනාට වැදගත් සෞඛ්‍ය සාධක, යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෝ නොවන රෝග සහ නිවැරදි පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කිරීමේ ගුණාත්මක අංගයන් පිළිබඳ දැනුවත් කළහ. jordan release date | Nike