Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2019 12:22:20 Hours

57 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් මී මැසි පාලනය පිළිබඳ සිවිල් වැසියන් දැනුවත් කෙරේ

බිගු සම්පත් සුරකිමු සංගමය සහ ආරක්‍ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව 57 වන සේනාංක මූලස්ථානය විසින් දියත් කරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් පසුගිය සදුඳා (4) දින කිළිනොච්චිය සහයෝගීතා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුද, ඊට අමතරව කිළිනොච්චි ප්‍රදේශයේ අවට ජිවත්වන සිවිල් වැසියන් 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගි වු අතර එහිදි සංවිධායකයින් විසින් ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මෙම විනෝදකාමි වෘත්තියක් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින අයවළුන් සඳහා මී මැසි පාලන පෙට්ටි 43 ක් ලබාදෙන ලදි.

මෙම වැඩමුළුව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.

විජයභාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා විසින් මෙම වැඩමුළුවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ අතර ‘බිගු සම්පත් සුරකුම් සංගමයේ’ තිස්ස බණ්ඩාර තඹවිට සහ තුෂාර මහින්ද විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. latest Running | nike fashion