Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 15:46:09 Hours

නැගෙනහිර ආඥාපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් ජනතාව අමතයි

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගිය සිකුරාදා (28) දින 11 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

ආඥාපතිතුමන් ප්‍රථමයෙන් මඩකළපුවේ පිහිටි 10 වන ගජබා රෙජිමේන්තුව වෙත පැමිණි අතර, එහිදි එම බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් රුවන් ඇහැලේපොළ විසින් ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් වෙත බළඇණියේ සියලුම නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හඳුන්වාදෙන ලදි. අනතුරුව, ආඥාපතිතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර බළඇණියේ සේවයේ නියුතු භට පිරිස් ද අමතනු ලැබීය.

ඉන් අනතුරුව ආඥාපතිතුමන් කුරුක්කල්මඩම්හි පිහිටි 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි අතර එහිදි එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් චන්දික ඇහැලේපොළ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, අණදෙන නිළධාරිතුමන් විසින් කෙටි හැඳින්වීමේ දේශනයක් සිදු කළහ. තවද, එම ඒකකයේ භට පිරිස් ඇමතීමට ප්‍රථම කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරීම සඳහා ආඥාපතිතුමන්ට ආරාධනා කළහ.

ඉන් අනතුරුව, කරෙයිතිව් ප්‍රදේශයේ දමිළ ප්‍රජාව සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් කරෙයිතිව් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම විශේෂ සාකච්ඡාවේදී ප්‍රදේශය දමිළ ප්‍රජාව මුහුණදෙන පොදු අභියෝගයන් සහ එම අභියෝගයන් ජය ගැනීම සඳහා ගත හැකි කඩිනම් පියවර පිළිබඳව ද අවධානය යොමුවිය. Running Sneakers | Air Jordan Release Dates 2020