Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 23:16:54 Hours

චීන තානාපතිතුමන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චෙන් ෂුයූන් (HE Cheng Xueyuan) සහ නව ධූරයේ රාජකාරී භාරගත් උතුරු පළාත් අණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පසුගියදා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත අඟහරුවාදා (05) දින සපැමිණි චීන තානාපතිතුමන්ව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව පැවැති මෙම සුහද හමුවේදී වර්තමානයේ යුද්ධ හමුදාවේ කාර්යභාර්ය පිළිබඳව චීන තානාපතිතුමන් දැනුවත් කල අතර අර්ධද්වීපය තුල සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම මෙන්ම සිවිල් ප්‍රජා සංවර්ධන වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ.

එමෙන්ම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පසුගිය සඳුදා (04) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම සුහද හමුවේ දී, නව අණ්ඩුකාරතුමන් යුද්ධ හමුදාව විසින් අර්ධද්වීපයේ දියත් කරනු ලබන සිවිල් හා හමුදා ව්‍යාපෘතින් පිළිබඳ විමසා සිටියහ.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමන්ගේ කාර්යාලයේ පැවැති මෙම සුහද හමු අවසානයේ තානාපතිතුමන් සහ ආණ්ඩුකාරතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහන් තැබීය.

මෙම සුහද හමු සඳහා යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. affiliate link trace | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ