06th March 2019 20:51:43 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි සිවිල් වැසියන්ගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමේ අරමුණින් 574 වන බලසේනාවේ සහ 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි සහයෝගය ඇතිව 57 වන සේනාංක මූලස්ථානය විසින් ‘ඇන්තූරියම් මල් වගාව’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ඉරිදා (03) දින ප්‍රදේශයේ සිවිල් වැසියන් 400 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 100 කගේ සහභාගීත්වයෙන් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සෑම කන්නයකම වගා කල හැකි ඇන්තූරියම් මල් බොහෝ විට මංගල උත්සව, අවමංගල උත්සව මෙන්ම පූජා කටයුතු සඳහා යොදාගනු ලබන අතර ඉහළ ඉල්ලුමක් සහිත ඇන්තූරියම් මල් වගාව සිවිල් වැසියන් හට හොඳ ආදායම් මාර්ගයක් වනු ඇත.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ ඉල්ලීමකට අනුව Sound of Anthurium ආයතනයේ අනුග්‍රහය ඇතිව ස්වාධීන රූපවාහිනී සේවය, ලේක් හවුස් ආයතනය, තරුණී පුවත්පත, යුනිපවර් පුද්ගලික සමාගම සහ මරීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම එක්ව මෙම හඳුන්වාදීමේ වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා Sound of Anthurium පුද්ගලික සමාගමේ සභාපතිනී යමිකා ගුණවර්ධණ මහත්මිය, ස්වාධීන රූපවාහිනී සේවයේ නිෂ්පාදක සුනිල් ප්‍රේමරත්න මහතා, කිලිනොච්චි මහ බැංකුවේ කාර්තික නිරෝචන මහතා, සණස සංවර්ධන බැංකුවේ එඩ්වින් සුරේෂ් මහතා, Goldy ප්‍රචාරණ ආයතනයේ මාලක නුවන් මහතා, තරුණි පුවත්පතේ කතෘ මනෝලි සුභසිංහ මහත්මිය, ATV Creation හී නිරෝෂනී ප්‍රේමරත්න මහත්මිය සහ කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 400 ක් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් 100 ක් පමණ සහභාගී වූහ.
මෙම වැඩමුළුවේදී ‘වගා කටයුතු හඳුන්වා දීම’, ‘වගා සඳහා නව තාක්‍ෂණය අනුගමනය කිරීම’, ‘අඩු පොලී සහිත බැංකු ණය පහසුකම්’, ‘වගා කටයුතු සඳහා නිවැරදි ක්‍රියා පටිපාටිය’ සහ ‘සණස සංවර්ධන බැංකුවේ ණය යෝජනා ක්‍රම’ ආදී කරුණු පිළිබඳව අවධානය යොමුවියshort url link | New Releases Nike