Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2019 15:15:13 Hours

කිලිනොච්චි පාපන්දු තරඟාවලියට සිවිල් කණ්ඩායම් එක්වෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 652 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු ‘කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන අභියෝගතා කුසලාන පාපන්දු තරඟාවලිය පසුගිය අඟහරුවාදා (26) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ප්‍රදේශයේ සිවිල් සහ යුද්ධ හමුදා පාපන්දු කණ්ඩයම්හි සහභාගිත්වයෙන් පැවැති මෙම පාපන්දු තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහභාගි වූහ.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම් 20 ක් තරඟ වැදුණු අතර අවසන් තරඟය සඳහා 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම තේරීපත් විය. එහිදි, ලකුණු 5 – 3 ක් ලෙස තරඟයේ ශූරතාවය හිමිකරගැනීමට 1 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

එමෙන්ම, මෙම ප්‍රදේශයේ සිවිල් පාපන්දු කණ්ඩායම් 3 ක්, කනගපුරම් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ වඩ්ඩකච්චි ඉලන්කලෙයර් ක්‍රීඩා සමාජ කණ්ඩායම අවසන් තරඟයේදී තරඟවැදුණි. කෙසේවෙතත්, ලකුණු 2 – 1 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට වඩ්ඩකච්චි ඉලන්කලෙයර් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීමේ අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගි වූහ. Sneakers Store | Sneakers