Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 13:09:40 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියන් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී සඳුදා (පෙබරවාරි මස 25) දින පූජ්‍ය දියසේන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ලක්විරු භාවනා වැඩසටහනේ (4 වන සැසිය) තවත් එක් අදියරක් පැවැත්විණි.

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කරනු ලැබූ මෙම භාවනා වැඩසටහන සඳහා නිලධාරීණියන් 7 ක් සහ කාන්තා සෙබළියන් 50 ක් සහභාගි වූහ. Mysneakers | Nike, adidas, Converse & More