26th February 2019 12:10:22 Hours
ත්‍රිකුණාමලය මිහිඳු විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සේනාංකාධිපතිතුමන් විද්‍යාලයේ විදුහල්පති සමන් මල්ලවආරච්චි මහතා ඇතුළු ගුරු මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් විසින් ජාතික ධජය ඔසවා උත්සව කටයුතු ආරම්භ කෙරිණි.
ක්‍රීඩා උත්සවය අවසානයේ ජයග්‍රාහයකින් වෙත කුසලාන හා සහතිකපත් පිරිනැමීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතු සේනාංකාධිපතිතුමන්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට පුද්ගලයෙකුගේ චරිතය හා පෞරුෂය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ආරාධිතයින්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ. latest jordan Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!