Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 12:02:22 Hours

111 වන බලසේනාවේ භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

මහනුවර ශික්‍ෂණ රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ‘Kandy School Millennium – 2000’ සංගමය විසින් දියත් කරන ලද රුධිර පරිත්යාජග වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකුට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය සහයෝගය ලබාදුන්හ.

රුධිර පරිත්‍යාගය සඳහා සන්නද්ධ හමුදාවන්ගේ ඉහළ දායකත්වයක් ඇති බැවින් ‘Kandy School Millennium – 2000’ සංගමය විසින් 11 වන සේනාංක මූලස්ථානය වෙතින් ලිපියක් මගින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදී තිබිණි.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සෙනසුරාදා (16) දින මහනුවර නගරසභා ශාලා පරිශ්‍රයේ දී පැවැති අතර ඒ සඳහා මහනුවර ශීක්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ සහයෝගය හිමිවිය.best shoes | Asics Onitsuka Tiger