Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 10:24:22 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පූනරීන් භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුව කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 70 කට අධික පිරිසක් පසුගියදා 66 වන සේනාංක මූලස්ථානයේ මූලික සැරහුම් මධ්‍යස්ථානයේ දී රුධිරය පරිත්‍යාග කළහ.

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ පළාත් ලේ බැංකුවේ රුධිර හිඟතාවයක් ඇතිවීම හේතුවෙන් සිවිල් වැසියන්ට රුධිරය ලබාදීමේ අවශ්‍යතාවයක් ඇති බව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුල්ෆ් නුගේරා වෙත දැනුම්දීමෙන් අනතුරුව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ක්‍රියාවට නැංවිණි. 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ගේ සම්බන්ධිකරණයෙන් මෙම මානුෂිය ව්‍යාපෘතිය දියත් කරන ලදී.

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එච්.එම්.ඩි.ආර්.බී. හිඳගොඩ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් 66 වන සේනාංක මූලස්ථානය වෙත පැමිණි එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් රුධිරය ලබාගන්නා ලදී. Best jordan Sneakers | Nike Air Max